Skip to main content

Posts

Featured

පෙනලපි දැල - තේජ නෙත්මිණ | 2025 බස්නාහිර පළාත් යොවුන් ලේඛක තරගාවලියේ සිංහල කෙටි කතා අංශයේ ප්‍රථම ස්ථානය

ක්ලෙයාර් එම ඩයරිය සොයාගත්තේ, ඇගේ ජීවිතයේ බොහෝ දෑ ඇයට හමුවූ ආකාරයටම කිසිසේත්ම නොසිතූ විරූ ලෙස, ඇය හාත්පසින්ම වෙනත් යමක් සොයමින් සිටියදීය.  ඇය ඒ වන විට සොයමින් සිටියේ ඔවුන්ගේ ශීතකරණයේ වගකීම් සහතිකයයි. පැය කිහිපයකට වරක් මරණාසන්න සත්ත්වයෙකුගේ විලාපයක් වැනි බිහිසුණු හඬක් ඔවුන්ගේ ශීතකරණයෙන් නැගීමට පටන් ගෙන තිබිණි. ඩේවිඩ්, ඔහුගේ සුපුරුදු විලාසයෙන්ම, “ඕක ඔයිටත් වඩා නරක අතර හැරෙයිද කියල තව ටිකක් බලං ඉමු“ යැයි ක්ලෙයාර්ට පවසා තිබිණි. ඩේවිඩ් හැමවිටම සිතුවේ ඉක්මන් ක්‍රියා මාර්ගයක් ගැනීමට වඩා ගැටලුව අධ්‍යනය කරමින් බලා සිටීම නුවණට හුරු බවයි. ඔවුන්ගේ විවාහය ඇතුළුව බොහෝ ගැටලුවලට ඔහුගේ විසඳුම වූයේ එයයි. ඇය ලිපිගොනු අල්මාරියෙන් එළියට ගත් දුඹුරු පැහැ ලිපි කවරයේ, ලොකු අකුරින් (Insurance & Misc.) යනුවෙන් ලේබලයක් අලවා තිබුණි. එහි ඇතුළත තිබූ යල් පැන ගිය ගෘහස්ථ රක්ෂණ ඔප්පු තොගයකට යටින්, ඇයට ඇගේම අත් අකුරු වලින්, මාස තුනක් වැනි කාලයක් ඇතුලත ක්‍රියාත්මක කිරීමට හැකි අයුරින් ලියැවී තිබුණු අමුතුම සැලැස්මක් සහිත ඩයරියක් හමු විය. "1 වන සතිය: හවසට ඇවිදින්න පටන් ගන්න. 3 වන සතිය: ඔලුව කැක්කුමයි ඉන්සොම්නියා ගැනය...

Latest Posts

"The Forge of Time" by Theja Nethmina Silva, All-Island 2nd Place, National Youth Awards (English Short Stories)